
කල්යාණමිත්ර සම්පත්තියේ වටිනාකම පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට වැදගත් වන්නේ කුමන හේතුන් නිසාද යන්න පළමුවෙන්ම පැහැදිලි කිරීම වැදගත් වේ. සමාජයේ ජීවත් වෙන සෑම දෙනෙකුටම වාගේ නිතර ඇසුරු කරන, අදහස් හුවමාරු කරගන්නා මිතුරන් එක් කෙනෙකුන් හෝ කිහිප දෙනෙක් සිටී. ඒ අයගේ ඇසුර නිසා කාලය ගත වීමෙන් අපගේ සිතුම් පැතුම්, ක්රියා සහ ආවේග හැඩ ගැසීම හොඳ අතට හෝ නරක අතට හෝ වෙනස් වීම අපට නොදැනීම සිදු වේ. එම වෙනස් වීම් යාන්ත්රණය හඳුනා ගැනීමත්, කල්යාණමිත්රයා යනු කවරේද, එම ඇසුර සම්පත්තියක් ලෙස දක්වන්නේ මොන හේතුන් නිසාද යන කරනා බුදු දහමට අනුව මනා ලෙස මෙම දේශනාවෙන් පැහැදිලි කෙරේ. මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා වන්නේ ඒ නිසා වෙනි.
”කල්යාණමිත්ර සම්පත්තියේ වටිනාකම” ධර්ම දේශනාවට සම්බන්ධ වෙබ් පිටුවට පිවිසීම සඳහා මෙම ලින්ක් එක මත ක්ල්ක් කරන්න: https:https://bit.ly/3fh2erY
🙏
කැමතියිකැමතියි
,තෙරුවන් සරණයි
කැමතියිLiked by 1 person